රාජ්‍ය සේවකයන්ගේ ඇස් උඩ යන ආරංචියක්..සේවක වැටුප් ගැන කවුරුත් නොසිතූ ආරංචියක්..

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ,රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම පත්‍රිකාව අහෝසි කළ යුතු බවයි.

මීගමුව ප්‍රදේශයේදී අද (27) පැවැති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අද මීගමුවේ පැවැත්වුණි.

ඉන්ධන අර්බුදයක්..ළඟදීම රට තුළ වෙන්න යන දේ..මිලත් ඉහළ යනවද..?

ඉන්ධන අර්බුදයක්..ළඟදීම රට තුළ වෙන්න යන දේ..මිලත් ඉහළ යනවද..?

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. අදාළ යෝජනාව ලබන වසරේ අයවැය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබුවේ ඒකමතික තීරණයක් බවයි, ඔහු පෙන්වාදෙන්නේ.

"මේ ඔක්කෝම සකස් කළේ 2025 විසර්ජන පනතට දාන්න. 2025 විසර්ජන පනත අපි ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා ඡන්දෙ අවසන් කරන්නට තිබුණා. IMF සංවිධානය එක්ක කතා කරන්නට තිබුණා. අපි එකඟ වෙන්න කලින්, මම අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මගේ උපදේශක ආචාර්ය සමරතුංග මැතිතුමාටත් මගේ ලේකම් සමන් ඒකනායක මැතිතුමාටත් ඔක්කොමලා එක්ක කතා කළා.

ජනපතිට හදිසියේම ලැබුණු ලිපිය..මේදේ නොකළොත් රට දැඩි අවධානමක..මොකක්ද මේ කියන්නේ..

ජනපතිට හදිසියේම ලැබුණු ලිපිය..මේදේ නොකළොත් රට දැඩි අවධානමක..මොකක්ද මේ කියන්නේ..

මට චෝදනා කළේ විජිත හේරත් ඇමතිතුමා මම කාටත් කතා කළේ නෑ කියලා. නෑ මම කියන්නේ මේක අපි ගත්තා. මේ තීන්දුව තියෙනකම් ඒක ඇතුළු කරන්න ඕනේ. එහෙනම් තීන්දුව අහෝසි කරන්න. මේක ඔබේ. මට කියන්න බෑනේ මේක මම නෙමෙයිනේ ආණ්ඩුව.

මේ තීරණය වැරදි කියලා කියන්න එපා. එතකොට සම්පූර්ණ බලය තියෙනවා තීණ්දුව වෙනස් කරන්න. අහෝසි කරන්න. ඒකයි කියන්නේ. ජනාධිපතිතුමාත් කිව්වා. විජිත හේරත් ඇමතිතුමාත් කිව්වා මේ පඩි වැඩි කරන එක ගැන අවධානය යොමු කරනවා කියලා. ඒවා වැඩක් නෑ කැබිනට් තීන්දුවක් ගත්තා ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම කියනවා."