ඔන්න සුභම සුභ ආරංචියක්.. රජයෙන් විශේෂ දීමනාවක් ඉහලට.. ලැබෙන පිරිස අතර ඔබත් ඉන්නවද
By Sewvandhi
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, රාජ්‍ය වැවිලි සමාගම විසින් ලබාදෙන දීපාවලී උත්සව අත්තිකාරම් රුපියල්10,000 කින් ඉහළට දැමීමට කටයුතු කර ඇති බවයි.
මීට පෙර වසරවල දී රුපියල් 10,000ක් වූ එම දීමනාව මෙම වසර තුළ දී 20,000ක් වනු ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
ඒ අනුව රාජ්‍ය වැවිලි සමාගමට අයත්, ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු සමාගම්වල සේවකයන්ට මෙම උත්සව අත්තිකාරම හිමියි.