හැමෝම සතුටු කරමින් විදුලි බිලේ සිදුවන වෙනස..මේ තරම් ප්‍රමාණයක් අඩු වෙයිද..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines
By Sewvandhi Oct 28, 2024 04:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා විදුලිබල මණ්ඩලය පසුගිය බ්‍රහස්තිපන්දා මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන්නා.

විදුලි ගාස්තු , 4% ත් 11%ත් අතර ප්‍රමාණයකින් පහළ දැමීමේ යෝජනාවක් එහි ඇතුළත් වුණා.

අද (28) ඒ පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරය විදුලිබල මණ්ඩලයට දැනුම් දෙන අතර, මහජන උපදේශන ක්‍රියාවලියෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතයි.

ඒ අනුව, දෙසැම්බර් මාසයේ සිට විදුලි ගාස්තු 6%කින් පමණ පහළ යනු ඇති. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ජනක රත්නායක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා

මෙම මිල අඩු කිරීමේ යෝජනාව ඉතා අසාධාරණ බවයි, එහිදී ඔහු සඳහන් කළේ,.

ලංවිමට 2023 අගෝස්තු මාසය දක්වා ලැබුණු දල ලාබය රුපියල් බිලියන 133ක් බවත්, අවම වශයෙන් විදුලි බිල 35%කින් පමණ අඩු කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළා.

ReeCha