පස් දෙනෙකු ඇතුලේ සිටියදීම ගීනිගත්හේනේදී මහ මග ගිනි ගත් මෝටර් රථය ..
By Piyumika
පානදුර සිට නුවරඑලිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි හදිසියේ ගිනි ගැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (20) උදැසන 11 සිට පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබු බවයි ගිනිගත්තේන පොලිසිය පවසා සිටියේ .
අදාළ අනතුර සිදුවන අවස්ථාවේ මොටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර ගින්න පාලනය කිරිමට උත්සහ කළ එක් අයෙකු පිලිස්සුම් තුවාල ලබා ගිනිගත්තේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබේ .
ගින්න පාලනය කිරිමට පොලිසිය දැඩි උත්සහයක නිරත වුවද එය ව්‍යාප්ත වීම නිසා මොටර් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වනුයේ .