අද සිට රජයෙන් දෙන සහනාධාර බැංකු ගිණුම් වලට වැටෙන්නේ මෙහෙමයි.

Report

වැඩිකළ පොහොර සහනාධාරය ලබා දීම අද (14) දිනයේ සිට සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව, පළමු අදියරේදී රුපියල් 15,000 ක මුදලක් සහ දෙවන අදියරේදී රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට නියමිතයි.

මෙම පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර පසුව පොළොන්නරුව, අනුරාධපුරය සහ මහවැලි කලාපය ඇතුළු ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.