විමල් යුද්දෙට කඩු සොයයි! (VIDEO)
රණවිරුවන්ට බ්‍රිතාන්‍යය විසින් පනවා ඇති තහනම මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමක් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් පෝෂණය කිරීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය;
“රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබෙනවා නම්, ඒවා අපි මේ මොහොතේ ඵලදායී ලෙස භාවිත කළ යුතුයි. මෙවැනි අවස්ථාවකදී රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කර නොගන්නේ නම්, ඒවා යුද්ධයකට රුකුල් නොදෙන කඩුවක් කොස් කැපීමට පමණක්ද යනුවෙන් ප්‍රශ්න කිරීමට සිදුවෙනවා.”