තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Government Employee
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Aruna
උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට 2020 වසරේදී එවකට ඇමැති මණ්ඩලය ගත් තීරණයක් බලාත්මක කරමින් මීට දින කීපයකට ඉහත දී හදිසි කැබිනට් මණ්ඩල සංදේශයක් අනුමත කරගෙන තිබෙන බව වාර්තා වනවා.
එම සංදේශයට අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බව වාර්තා වනවා.
පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබෙන්නේ, 2020 වර්ෂයේ ගනු ලැබූ කැබිනට් තීරණයක් වසර 4ක කාලයක් නොසලකා හරිමින් සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට දින දෙකකට පෙර යළි බලාත්මක කරමින් 50,000 කට රැකියා ප්‍රදානය කිරීම පැහැදිලි ලෙසම මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන ලද්දක් බවටයි.
මෙම කැබිනට් සංදේශයට මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ අත්සන්කර ඇති අතර වහාම සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංවිධානය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.