රාජ්‍ය සේවකයින්ට රු.25,000ක විශේෂ දීමනාවක් දෙන්න යයි..එම දීමනාව ලැබෙන පිරිස මෙන්න.

Government Employee Sri Lanka Government Of Sri Lanka AKD
By Aruna Dec 25, 2024 08:09 AM GMT
Aruna

Aruna

Report

ඉකුත් 2023 වසරේදි ලාභ උපයා ඉන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ගෙවා ඇති ආයතනවල සේවකයන් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස යෝජනා කරමින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන්ට මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

බිත්තර මිල සීඝ්‍රයෙන් පහල බසී..එකවරම බිත්තර රොටී සහ බිත්තර ආප්පයට සිදු වූ දේ..

බිත්තර මිල සීඝ්‍රයෙන් පහල බසී..එකවරම බිත්තර රොටී සහ බිත්තර ආප්පයට සිදු වූ දේ..


ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහභාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවයි අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ.

2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කරන ලද එම චක්‍රලේඛයේ මේ බව සඳහන් කර ඇත.

මෙම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශයන් ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

රටම කතා කරන අඩුවට ගේන්න හදන ජපන් හයිබ්‍රිට් වාහන ගැන ඇමති කියූ දේ..

රටම කතා කරන අඩුවට ගේන්න හදන ජපන් හයිබ්‍රිට් වාහන ගැන ඇමති කියූ දේ..


රජය සතු ව්‍යවසායන්හි කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බවද එහි සඳහන් කර ඇත.

You May Like This Video


ReeCha