දැනෙන්නම?. රාජ්‍ය සේවකයින් හැමෝම බලාගෙන හිටිය දෙය.. ළඟදිම වෙන්නයි යන්නේ.. ජනපති අනුර කියයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ තම රජයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ය.
එමෙන්ම, පාසල් පොත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි දරුවන් සඳහා දීමනාවක් ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
එය ජනවාරි නව පාසල් වාරයේ සිට ක්‍රියාත්මකය.
"අපි දන්නවා ඊළඟ අලුත් පාසල් වාරය ආරම්භ කරන්නේ ජනවාරි අග. දෙසැම්බර් වල පාසල් ඉවර වුණාට. මේ අවුරුද්දේ පරණ වාරය නිමා වන්නේ ජනවාරිවලින්. ජනවාරි අග තමයි අලුත් පාසල් වාරය පටන්ගන්නේ. අන්න ඒ අලුත් පාසල් වාරයේ දරුවෝ පාසල් යන කොට නිසි පරිදි පාසල් පොත්, පාසල් උපකරණ මිලදී ගන්න බැරි සියලු දරුවන්ට ඒ සඳහා දීමනාවක් ලබාදෙනවා."