දින දෙකකට රජය ගත්ත තීරණය.... දීර්ඝ කරයි ද?
By Akash
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ වැසෙයි. ඒ සාමාන්‍ය රාජකාරී සඳහා ය.
එම තීරණය ගෙන ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස එම කාර්යාලය යොදාගැනීම හේතුවෙන් ය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 6 වන දින පැවැත්වීමට අදාළ කටයුතු මේ වනවිට සන්විධානය කර තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර හෙට (05) සහ අනිද්දා (06) දෙදින දිවයින පුරා පාසල් වසා තැබෙයි. ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ ය.
කෙසේ වෙතත්, යළි පාසල් යළි ආරම්භ වන්නේ ලබන 07වන දා ය.