හිංසනයන්ට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ කැබිනට් තීරණයක් ගනී. - රට පුරා රැකවරණ ගෙවල්.
හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සම්බන්ධයෙන් පියවර ගැනීමට කැබිනට අනුමැතිය ලැබී තිබෙනවා.
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම රජය විසින් ඉටු කළ යුතු කාර්යභාරයක් ලෙස සලකනු ලබයි.
ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික්ක 10ක රැකවරණ නිවාස පවත්වා ගෙන යනු ලබන අතර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව එම නිවාසවල වියදම් දරනු ලබයි.
2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද නව රැකවරණ නිවාසයක් ස්ථාපිත කර තිබේ. එකී තාවකාලික කාන්තා රැකවරණ නිවාසය ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන රැකවරණ නිවාස ජාලයට ඇතුළත් කර ගැනීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නොමග යෑමෙන් වළකින්න. - අප්‍රේල් 1 සිට රාජ්‍ය සේවක වැටුප වැඩි වන "වැටුප් සූත්‍රය" මෙන්න. - OT හැදෙන්නෙත් මෙහෙමයි. - (VIDEO)

එක්වරම තීරණයක් ගනී. - අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කෙරේ. - හෙට සිට ඇතුලේ සිදු වන ක්‍රියාවලිය මෙන්න.
You May Like This Video👇
