හිටපු පී.සී කුඩු සමග මාට්ටු

Report

 හිටපු පොලිස් කොස්තාපල්වරයකු ශ්‍රී පුර නගරයේ දී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 185ක් සන්තකයේ තබාගෙන රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය සදහන් කරයි.

 මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සේවයෙන් ඉවත් කර ඇති අයකු බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ .

මෙම සැකකරුගේ බිරිය ද කාන්තා පොලිස් පරීක්ෂකවරියක් බව වාර්තා වේ. ත්‍රිකුණාමලය පොලිස් විශේෂ කාර්යාංශයේ ශ්‍රී පුර උප ඒකකයට ලද තොරතුරක් අනුව ශ්‍රී පුර පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

රටපුරා දැවැන්ත මෙහෙයුමක් - රියදුරන් අවදානයෙන් සිටින්න - පොලිසියෙන් පරීක්ෂණ

රටපුරා දැවැන්ත මෙහෙයුමක් - රියදුරන් අවදානයෙන් සිටින්න - පොලිසියෙන් පරීක්ෂණ

  මෙම සැකකරු විසින් ශ්‍රී පුර පොලිස් වසමේ වෙහෙරගොඩ ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ සැලුනයක් පවත්වාගෙන යනු ලබයි

ඒ වගේම අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් එම සැකකරු කැබැතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධව   ශ්‍රී පුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

කාලගුණය ගැන නවතම අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

කාලගුණය ගැන නවතම අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි