අදානිගේ ව්‍යාපෘතිය කැන්සල් - අදානිගේ අලාභයට වන්දි ගෙවන්න ලංකාව සුදානම්
මන්නාරම සහ පුනරින් කලාපවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දියානු අදානි සමූහය ඉවත් වීමත් සමඟ, ඔවුන්ට ලබා දිය යුතු වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යාංශයට පැවරීමට රජය පියවර ගෙන ඇත.
අදාළ සමාගම ව්‍යාපෘතිය සඳහා මෙතෙක් වැය කර ඇති මූලික පිරිවැය නිවැරදිව ගණනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ උපදෙස් පරිදි සිදු කෙරෙන මෙම අධ්‍යයනයෙන් පසු, ගෙවිය යුතු අවසන් මුදල තීරණය කෙරෙනු ඇත.
දැනට ඇති තොරතුරු අනුව, මෙම මුදල රුපියල් කෝටි 30 – 50 අතර අගයක් වන බව අනුමාන කෙරේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ ඇමරිකානු ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් සහිතව මෙගාවොට් 350 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමයි.
පසුගිය රජය සමයේදී එයට අදානි සමාගම සමඟ ගිවිසුම් අත්සන් කර තිබුණි. වත්මන් රජය සමඟ පවත්වාගෙන ගිය මිල ගණන් පිළිබඳ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම හේතුවෙන්, එම සමාගම මැයි මාසයේදී නිල වශයෙන් ව්‍යාපෘතියෙන් ඉවත් වීම දැනුම් දී ඇත.
ඉන් අනතුරුව, අදානි සමාගම තමන් දැරූ මූලික වියදම් පියවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.