ගත වූ පැය 24 තුළ අපේක්ෂකයන් 8ක් අත්අඩංගුවේ...

Report

හෙට පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගතවූ පැය 24ක කාලය තුළ අපේක්ෂකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

එසේම ඊයේ (04) උදෑසන 6 සිට අද (05) උදෑසන 6 දක්වා කාලය තුළ පක්ෂවල ආධාරකරුවන් ද 5 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගිය මාර්තු මස 3 වන දින සිට අද දක්වා වූ කාලය පුරා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 54ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ කාලය තුළ ආධාරකරුවන් 204 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එසේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් මුළු වාහන ගණන 46කි. 

මාස තුනට අල්ලස් නඩු ඉහල යයි..අල්ලගත්ත අය අතරේ පොලිසියේ අයත්.....

මාස තුනට අල්ලස් නඩු ඉහල යයි..අල්ලගත්ත අය අතරේ පොලිසියේ අයත්.....