වැරදි කළා නම් දඬුවම් කළ යුතුයි... රණවිරුවෝ රකින්න ආණ්ඩුව බැඳිලා නැහැ...

Report

මානව හිමිකම් කඩ කර ඇත්නම් රණවිරුවන් යැයි නීතිය ක්‍රියාත්මක නොකර සිටිය යුතු නැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එක්සත් රාජධානිය සම්බාධක පැනවූ දෙදෙනෙකු පිළිබඳ තමන් පාර්ලිමේන්තුවේ දී විවේචනය කර ඇති බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.

ඇමරිකාවේ විතිංස් සමාගමෙන් අලුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගයක්

ඇමරිකාවේ විතිංස් සමාගමෙන් අලුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගයක්

ජගත් ජයසූරිය, වසන්ත කරන්නාගොඩ රණබිමේ ඉදිරිපෙළ නොව පසුපෙළ සටන් කළ බව ද සරත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටියා. යුද බිමේ පසුපෙළ යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පර්යේෂණ කළ යුතු බව ද ජගත් ජයසූරිය ගැන තමන් හමුදාපති ධුරයේ කටයුතු කරන සමයේ ම පරීක්ෂණ ආරම්භ කළ බව ද ඔහු පෙන්වාදෙනවා.

සීනි සභාපති ඉල්ලා අස්වේ…

සීනි සභාපති ඉල්ලා අස්වේ…

රණබිමේ ඉදිරිපෙළ සටන් කළ ශවේන්ද්‍ර සිල්වා කිසිදු වරදක් කර නොමැති බවත් රණවිරුවන් රැකීමට රජය බැඳී නොමැති බවත් සරත් ෆොන්සේකා අවධාරණය කර සිටියා.