ජනාධිපති ධූර අපේක්ෂක අනුර හදන අලුත් ආණ්ඩුව...
By Parami Dissanayake
ඊයේ (23) පස්වරුවේ මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුන් පිරිසක් විසින් සංවිධානය කරනු ලැබු හමුවකට එක වෙමින් ජාතික ජන බලවේගයේ ජානාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පොදු ජනයාගේ හා පාලකයාගේ අරමුණු සමපාත වන ආණ්ඩුවක් ගොඩනගන බව පැවසී ය.
ඒ අනුව, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ,
"ඔබ මා කෙරෙහි තබන විශ්වාසය හානි වෙන්න දෙන්නේ නැහැ.. හැම වෙලාවෙම ජනතාවගේ අරමුණ යහපත් ආණ්ඩුවක් ගොඩනැගීම. නමුත් පාලකයාගේ අරමුණ වෙනයි. ජනතාවගේ හා පාලකයාගේ අරමුණ දෙකක්. ජනතාවගේ හා පාලකයාගේ අරමුණ සමපාතවන ආණ්ඩුවක් අපි හදමු. රට ගැන ඔබ හා සමාන හැඟීමක් මට තිබෙනවා."
යනුවෙනි.