රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

Government Employee Government Of Sri Lanka
By Wayomi Jan 20, 2025 04:20 AM GMT
Wayomi

Wayomi

Report

 රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම්වලට අදාළව ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙර රජයේ එක් එක් ආයතනවල සිටින කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කරන ලෙස අගමැති ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

එමෙන්ම අදාළ සමාලෝචන රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණයට අදාළව පත් කරන ලද කමිටුවට දැනුම් දෙන ලෙස ද එම ලිපියේ සඳහන්.

දැනටමත් අනුමත කාර්ය මණ්ඩලය මගින් තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය නව ඊ-රාජ්‍ය මහජන සේවා ප්‍රවේශය සහ නව මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදය හරහා නිසි මානව සම්පත් ඇගැයීමක් සිදුවෙතැයි කමිටුව බලාපොරොත්තු වන බවද අදාළ ලිපියේ දැක්වේ.

අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නිර්ණායක 22 රාජ්‍ය සේවකයනුත් ඉන්නවා.

අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නිර්ණායක 22 රාජ්‍ය සේවකයනුත් ඉන්නවා.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යොමු කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ සේවක සංඛ්‍යාව ප්‍රසාරණය නොවන අයුරින් කටයුතු කරමින් අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ කමිටුවට බලතල පැවරී ඇති බවයි.

ඒ අනුව, එක් එක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුව, පළාත් සභාව, ආයතනය සඳහා දැනටමත් අනුමතව පවතින කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව, පිළිවෙළින් ප්‍රතිශතයක් ලෙස ජ්‍යෙෂ්ඨ, ද්විතීයික සහ ප්‍රාථමික යනාදි ලෙස පෙළගස්වා, සංශෝධිත කාර්ය මණ්ඩල සීමාවන් සකස් කරන ලෙසත්, අවශ්‍ය ප්‍රශස්ත සේවක සංඛ්‍යාව ද ගණනය කර එම නව කාර්ය මණ්ඩලයේ සැලසුම සකස් කරන ලෙසද අදාළ ලිපියේ සඳහන් කර ඇත.

සෑම ගෙදරකටම මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12ට ලැබෙන Vitz එක ගැන ඇහෙන අමුතු කතාව. - බදු ප්‍රතිශතය 40% කින් ඉහළට.

සෑම ගෙදරකටම මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12ට ලැබෙන Vitz එක ගැන ඇහෙන අමුතු කතාව. - බදු ප්‍රතිශතය 40% කින් ඉහළට.


You May Like This Video 


ReeCha