රෑ ගෝඨා ගෝ ගමට හදිසි ප්‍රහාරයක්..? එම පුවත ගැන ශවේන්ද්‍ර සිල්වා ගෙන් දැනුම් දීමක්..
By Aruna
ඊයේ(10) රාත්‍රියේ ගෝඨාගෝගම අරගල භූමියට මෙන්ම ජනාධිපති මන්දිරයට හදිසි ප්‍රහාරයක් එල්ල කර එහි සිටින අරගලකරුවන් ඉවත් කිරීමේ කිසිදු සූදානමක් හෝ සැලැස්මක් නොමැති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ගෝඨාගෝගමට ඊයේ(10) රාත්‍රියේ දී යුද හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවිධ වාර්තා අසත්‍ය බවත් ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |