ජනපති ඉල්ලා අස්වුණහොත් ඊලගට සිදුවන දේ.. මෙන්න..

Gotabaya Rajapaksa SL Protest Gota Go Gama Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 09, 2022 11:53 AM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා. ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිදුවන්නේ කුමක්ද ?

ජනාධිපති, ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් වුවහොත් එම ධූරය පුරප්පාඩු වේ. එවැනි අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතු ය. පුරප්පාඩු වූ ජනාධිපති ධූරය පිරවීම සඳහා ජනාධිපතිවරයා ඉල්ලා අස්වී මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් කෙනෙකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගත යුතුය.

ජනාධිපති එම ධූරයෙන් ඉල්ලා අස්වූ අවස්ථාවක දී, ජනාධිපති ඉල්ලා අස්වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. එවැනි රැස්වීමකදී පාර්ලිමේන්තුවේ මහලේකම් ජනාධිපතිගේ ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා, පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාර ගැනීමට දිනයක් නියම කළ යුතුය.

එක් මන්ත්‍රීවරයෙකු පමණක් ජනාධිපති ධූරයට නම් වී ඇති අවස්ථාවක, එම පුද්ගලයා එම තනතුරට තේරී පත් වූ බව මහලේකම් විසින් ප්‍රකාශයට පත් කළ යුතුය. එක් අයෙකුට වඩා නම් වී ඇති අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්විය යුතු අතර, එම පුද්ගලයා ප්‍රකාශිත ඡන්ද අතුරින් පරම බහුතරයක් (absolute majority) ලබාගෙන තේරී පත් විය යුතුය.

1981 අංක 2 දරණ ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනත තුළ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දක්වා ඇත. ජනාධිපති ධූරය පුරප්පාඩු වීමත්, නව ජනාධිපති වැඩ භාර ගැනීමත් අතර කාලය තුළ වත්මන් අගමැති වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරයි. මෙම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධූරයේ ක්‍රියා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් එක් අමාත්‍යවරයෙකු පත් කළ යුතුය. 

අලුතින් තේරී පත් වූ ජනාධිපතිට, කලින් ජනාධිපතිගේ නිල කාලයේ ඉතිරි කාලය සඳහා එම ධූරය දැරිය හැක.

(උපුටා ගැනීම : Ask