ගෝඨාභයගෙන් විශේෂ දැනුම්දීමක්. - යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න ලෑස්තියි.

Report

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන්වූවන්ගේ ඤාතීන් විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීයි.

හැංගි හොරා හිටපු ජොනී රිමාන්ඩ් කරයි. - අවසන් තීන්දුව ලැබුනේ මෙහෙමයි. - (UPDATE)

හැංගි හොරා හිටපු ජොනී රිමාන්ඩ් කරයි. - අවසන් තීන්දුව ලැබුනේ මෙහෙමයි. - (UPDATE)

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)


එම නඩු විභාගය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම පෙත්සම ඊයේ (22) ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ, අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කියා සිටියේ, අදාළ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.

කෙසේ වෙතත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බව ජනාධිපති නීතීඥවරයා පැවසූ අතර ඊට පෙත්සම්කාර පාර්ශ්වය විරෝධය පළ නොකළ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා මෙම පෙත්සම ලබන මාර්තු 18 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

2011 වසරේ දෙසැම්බර් 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොපුස් පෙත්සමකට අදාළව සාක්ෂිදීම සඳහා එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වනදා පෙනී සිටින දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණි.

ඌරු මස් කෑම ජීවිත අවදානම්. - ලංකාව පුරා ඌරන් දහස් ගනණක් මරුට - අලුත්ම ආරංචිය මෙන්න.

ඌරු මස් කෑම ජීවිත අවදානම්. - ලංකාව පුරා ඌරන් දහස් ගනණක් මරුට - අලුත්ම ආරංචිය මෙන්න.


නමුත් තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් අදාළ සිතාසි බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 වසරේ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර ඇත.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු සාක්ෂියට කැදවිය නොහැකි බවට නියෝගයක් නිකුත් කර තිබුනා.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.  

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.