යාපනය කැළඹූ ලලිත්කුමාර් සහ කුගන්ගේ අතුරුදන් වීමේ නඩුවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියෝගයක්

Report

යාපනයේ අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එළඹෙන සැප්තැම්බර් 29 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගිය 2011 වසරේ දෙසැම්බර් 10 වැනි දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව යාපනය නගරයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවයක් සංවිධානය කරමින් සිටි ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනා ආවරංගල් ප්‍රදේශයේදී අතුරුදන් වූ බව සඳහන්.

එබැවින් ඔවුන්ගේ ඥාතීන් විසින් 2012 වසරේ කොළඹ අභියාචනාධිකරණයට හේබියස් කෝපස් පෙත්සමක් ගොනු කර තිබූ අතර, එම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් විභාග කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණා. අඳාළ නඩු විභාගය 2012 සැප්තැම්බර් 19 වැනි දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ කර තිබුණා.

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

කෙසේ වෙතත් 2017 වසරේදී මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නමද ඇතුළත් කෙරුණු අතර, ඔහු අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස නියෝග නිකුත් විය.

එහෙත් ආරක්ෂක හේතූන් මත යාපනයට පැමිණිය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට දැනුම් දී තිබූ අතර, අනතුරුව නීතිඥවරුන් මාර්ගයෙන් මාර්ගගත ක්‍රමය හරහා සාක්ෂි ලබාදීමට අවසර ඉල්ලා සිටියා.

අඳාළ ඉල්ලීම පිළිගත් අධිකරණය, සුදුසු දිනයක අදාළ මහේස්ත්‍රාත් අධිකරණයකට පෞද්ගලිකව පෙනී සිට එම ස්ථානයේ සිට මාර්ගගත ක්‍රමය හරහා සාක්ෂි ලබාදෙන ලෙසට නියෝග කර කර ඇත.

කෙසේ වෙතත් අද දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් 29 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට මාර්ගගත ක්‍රමය හරහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

කුරුවිටත් ලේ විලක් වෙයි.. බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න