විවාහ පත් යුවළගේ හනිමුන් ඇඳ කල්තියාම ඥාතියෙකු බුක් කරගෙන..දැඩි අපහසුතාවයට පත් යුවලට සිදුව දේ..

Sri Lanka Wedding Relationship
By Sewvandhi Sep 24, 2024 02:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මංගල උත්සවය අවසන් වීමෙන් පසු මංගල රාත්‍රිය ගත කිරීමට තම නිවසට පැමිණෙන මංගල යුවළ වෙනුවෙන් සකස් කර තිබූ සයනය, පදම ඉක්මවූ ඥාතියෙකු විසින් කල්තබා අත්පත් කර ගැනීම නිසා මංගල යුවළට අසල්වැසි නිවසක රාත්‍රිය ගත කිරීමට සිදුවීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

ගම්බද නිවසක් වූ එය වියදම් කරන්නට තරම් ලොකු මුදලක් නැතත් පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දුන් දෙපාර්ශ්වයේ ඥාතීන් තම දරුවන් දෙදෙනා විවාහ කරවනු ලැබුවේ නිවෙස්වල පවත්වනු ලැබූ චාම් උත්සවයකිනි.

මනාලියගේ නිවසේ උත්සවය අවසානයේ මනමාල මහතා මනාලිය නිවසට කැඳවාගෙන එනු ලැබූ අතර නිවැසියන් මංගල රාත්‍රිය ගත කිරීමට නිවසේ තිබූ එකම හොඳම කාමරය හැකි අයුරින් සරසා සකස් කරනු ලැබුවේ ඒ වෙනුවෙන් ඇවැසි උපරිම පහසුකම්ද ලබා දෙමිනි.

ජනපති හා අගමැතිනිය අතර බෙදී ගිය අමාත්‍යාංශ - විජිතටත් අමාත්‍යාංශ තුනක්..

ජනපති හා අගමැතිනිය අතර බෙදී ගිය අමාත්‍යාංශ - විජිතටත් අමාත්‍යාංශ තුනක්..

නමුත් මංගල යුවළත් සමඟම පැමිණි මනමාල මහතාගේ වැඩිහිටි ඥාතියෙකු කල්තබා එම කාමරයට ඇතුළු වී කිහිප පොළකම වමනය කර මනාල යුවළ වෙනුවෙන් සුදු පිරුවට අතුරා සකස් කර තිබූ සයනයේ වැතිරුණේ ඔහු වැළැක්වීමට පැමිණී කීපදෙනකුටම ලු‍‍ණු ඇඹුල් ඇතිව බණිමිනි.

පිටස්තර ප්‍රදේශයකින් තම පවුල්ට කැඳවාගෙන ආ ලේලියගේත් තම දරුවාගේත් මංගල දිනය වෙනුවෙන් සකස් කර තිබූ නිවසේ වූ එකම කාමරය මෙලෙස අහිමි වෙද්දී නිවැසියන් සේම මනාල මහතාද දැඩි අපහසුතාවකට පත්විය. කාමරයේ වූ දැඩි දුර්ගන්ධය හේතුවෙන් කිසිවෙකුත් එහි ඇතුළුවීමද ප්‍රතික්ෂේප කළහ.

අවසානයේ මනමාල මහතාගේ නිවසේ තිබූ චාම් උත්සවය නිමාකළ මනාල යුවළ කුලියට ගත් ත්‍රීවිල් රථයකින් දුර බැහැර පිහිටි මනාලියගේ මවගේ ඥාතියකුගේ නිවසකට ගොස් සිය මංගල රාත්‍රිය ආරම්භ කරන විට මැදියම් රැයද ඉක්ම ගොස් තිබිණි. මේවන විට කාමරය අරක්ගත් ඥාතියා පමණක් නොව ඔහුගේ බිරිඳද මේ පවුලට මුහුණ නොදී මග හරින බව ගම්මුන් පවසයි.(උපුටාගැනීමක්)

අත ළඟටම ඇවිල්ලා..හදිසි තත්ත්වයක් දැනුම්දෙයි.. ඔයාගේ ඇගෙත් මේ වගේ තියෙනවද බලන්න..

අත ළඟටම ඇවිල්ලා..හදිසි තත්ත්වයක් දැනුම්දෙයි.. ඔයාගේ ඇගෙත් මේ වගේ තියෙනවද බලන්න..

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%