අත ළඟටම ඇවිල්ලා..හදිසි තත්ත්වයක් දැනුම්දෙයි.. ඔයාගේ ඇගෙත් මේ වගේ තියෙනවද බලන්න..
World Health Organization
Ministry of Health Sri Lanka
Monkeypox
Monkeypox virus
Latest Headlines
By Sewvandhi
6 months ago

Sewvandhi
Report
Report this article
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගොලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම්කළ Mpox හෙවත් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවේන් හඳුනාගෙන ඇති බවයි.
මේ වන විට අප්‍රිකාවේ ඉතා වේගයෙන් පැතිරෙන මෙම නව ප්‍රභේදය "clade 1b" ලෙස හැඳින්වෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ආසාදිතයා ඩුබායි සිට පැමිණි දකුණු කේරළ ප්‍රාන්තයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
එම වෛරසය ආසාදනයේ මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම වන අතර සමෙහි ඇතිවන ගැටිති වැනි තුවාල ඉතා වේදනාකාරී වේ.
සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් වේ.
අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක පැතිරයන 'එම්පොක්ස්' හෙවත් 'මංකිපොක්ස්' වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබුණි.
