ගූගල් සමාගමෙන් ලෝකයම හොල්ලන නිවේදනයක් - Gemini 3.5 සහ Gemini Spark කරළියට
ලොව පුරා පරිශීලකයින්ට ස්වයංක්‍රීයව විවිධ කාර්යයන් සිදුකර දිය හැකි නවතම කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් රැසක් හඳුන්වාදීමට Google සමාගම සූදානම් වන බව වාර්තා වේ.
Google සමාගමේ වාර්ෂික සංවර්ධක සමුළුව වන Google I/O හිදී මෙවර ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ “ඇජෙන්ටික් AI” (Agentic AI) හෙවත් පරිශීලකයා වෙනුවෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි කෘත්‍රිම බුද්ධි පද්ධති කෙරෙහිය.
මෙම නව තාක්ෂණ රැල්ලේ ප්‍රධාන නිෂ්පාදනයක් ලෙස “Gemini Spark” නව AI සහායකයා හඳුන්වා දී ඇති අතර, එය පරිශීලකයාගේ දෛනික කාර්යයන් ස්වයංක්‍රීයව කළමනාකරණය කිරීමට හැකි ආකාරයේ AI agent එකක් ලෙස සැලකේ.
Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චායි මහතා පවසන්නේ, සමාගම දැන් නිල වශයෙන් “ඇජෙන්ටික් Gemini යුගයට” පිවිස ඇති බවයි. සමුළුවේදී ඔහු සඳහන් කළේ Gemini ඇප් එකේ මාසික ක්‍රියාකාරී පරිශීලකයන් සංඛ්‍යාවද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි.
නව Gemini 3.5 මාදිලි පෙළ

Google සමාගම සිය නවතම AI මාදිලි පෙළ වන Gemini 3.5 ලොව පුරා භාවිතයට නිකුත් කිරීම ආරම්භ කර ඇත.
ඒ අතරින් ප්‍රථම අදියර ලෙස හඳුන්වා දී ඇති Gemini 3.5 Flash මාදිලිය ඉතා වේගවත් ක්‍රියාකාරීත්වයකින් සහ කෝඩින් (coding) කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම වීඩියෝ නිර්මාණය සඳහාම වෙන් වූ Gemini Omni නමැති නව මාදිලියක්ද හඳුන්වා දී ඇති අතර, එයට text, image සහ audio උපදෙස් මත පදනම්ව උසස් තත්ත්වයේ වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව ඇති බවද වාර්තා වේ. එම නිර්මාණවල අනිසි භාවිතය වැළැක්වීම සඳහා SynthID නමින් ඩිජිටල් වෝටර්මාර්ක් තාක්ෂණයක්ද එක් කර ඇති බව සඳහන්ය.
AI සහායකයන්ගේ නව හැකියාවන්

Gemini Spark වැනි AI සහායකයන්ට ඊමේල් පරීක්ෂා කිරීම, රැස්වීම් සටහන් සකස් කිරීම සහ දෛනික කාර්ය ලැයිස්තු කළමනාකරණය වැනි කටයුතු ස්වයංක්‍රීයව සිදු කළ හැකි බවද පැවසේ.
මෙය cloud තාක්ෂණය මත පදනම්ව ක්‍රියාත්මක වන බැවින්, උපාංගය ක්‍රියා විරහිතව තිබුණද පසුබිමෙන් කටයුතු කළ හැකි බවත්, එහෙත් මුදල් ගනුදෙනු හෝ ඊමේල් යැවීම වැනි වැදගත් ක්‍රියාවන් සඳහා පරිශීලක අවසරය අනිවාර්ය වන බවත් සඳහන් වේ.
Search සහ Shopping සඳහා නව වෙනස්කම්

Google Search සඳහා වසර 25කට පසු සිදුවන විශාලතම යාවත්කාලීනවීමක් ලෙස නව “Intelligent Search Box” එකක්ද හඳුන්වා දී ඇත.
මෙහිදී සාමාන්‍ය වචන වෙනුවට දිගු ප්‍රශ්න, රූප, වීඩියෝ සහ Chrome tabs පවා සෙවීම් සඳහා භාවිත කළ හැකි අතර, AI මගින් වඩාත් නිවැරදි ප්‍රතිචාර ලබාදෙනු ඇත.
එමෙන්ම “Universal Cart” නමැති නව shopping මෙවලමක්ද හඳුන්වා දී ඇති අතර, පරිශීලකයා Google, YouTube සහ Gmail භාවිතා කරන අතරතුර දකින භාණ්ඩ එකම කූඩයකට එක් කර මිල වෙනස්වීම් සහ දීමනා පිළිබඳ දැනුම්දීම් ලබාදීමට එයට හැකි බවද වාර්තා වේ.