අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

Report

වයස අවුරුදු 26ට වැඩි අවිවාහක පිරිස් වෙනුවෙන් මවුපියන් මියයාමෙන් පසුව අනත් දරු විශ්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට අද(13) දින පාර්ලිමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර විසින් අඳාළ ඉල්ලීම සිදු කළ අතර එයට අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළා.

මෙහිදී මහාචාර්ය සේන නානායක්කාර විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් චන්දන අබේරත්න අමාත්‍යවරයා සඳහන් කළේ මවුපියන් බලා ගන්නා වයස අවුරුදු විසි හයට වැඩි අවිවාහක දරුවන් සඳහා එම මව්පියන් මියගිය පසුව අනත්දරු විශ්‍රාම වැටුප ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

ආදායම් බද්ද මෙච්චරකින් වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

ආදායම් බද්ද මෙච්චරකින් වැඩි කිරීමට රජයෙන් සැලසුමක්

කෙසේ වෙතත් මේ වන විට අනත්දරු විශ්‍රාම වැටුප හිමිවන්නේ වයස අවුරුදු විසි හයට අඩු මවුපියන් අහිමි දරුවන්ට පමණක් වේ. අඳාළ දරුවන් මවුපියන්ට සළකා මවුපියන් මිය ගිය විට එම දරුවන් අවිවාහක සිටින කාලය තුළදී තවත් අසරණ වන බවත් ඔවුන් විවාහ වන වයස් සීමාව පසු වු විට ඔවුන් තවත් අසරණ වන හෙයින් ඔවුන්ට අවධානය යොමු කරන ලෙසත් සේන නානායක්කාර ඉල්ලා සිටි බව සඳහන්.

එවැනි දරුවන්ට එම මවුපියන් මිය යාමෙන් අනතුරුව මවුපියන්ගේ කේෂ්ත්‍රයේ‍ රැකියා අවස්ථා ලබාදීමට හැකියාවක් ඇති නම් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසද සේන නානයක්කාර මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම එම දරුවන්ට බැංකු ණය සහන වැඩසටහනක් වැනි දෙයක් ලබා දෙනවා නම් යහපත් බවද මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

එහෙත් චන්දන අබේරත්න අමාත්‍යවරයා ඒ ආකාරයට රැකියා ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව කියා සිටියා.

කෙසේ වෙතත් එම දරුවන්ට අනෙකුත් පහසුකම් ලබා දෙන වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

පලවෙනි අවුරුද්දටම එක ලීසිං වාරිකයක්ලු - රජයේ වැඩපිළිවෙල මෙන්න

පලවෙනි අවුරුද්දටම එක ලීසිං වාරිකයක්ලු - රජයේ වැඩපිළිවෙල මෙන්න

රන් මිල රු.10000කින් ඉහළට - නව මිල මෙන්න

රන් මිල රු.10000කින් ඉහළට - නව මිල මෙන්න