පාසල් දරුවන්ට සුබ ආරංචියක්. - අලුත් කාලෙට අලුත් තාලෙට නව අධ්‍යාපන ක්‍රමවේදයක්.

Report

පාසල් ශ්‍රේණි සංඛ්‍යාවේ සිදු වන වෙනස්වීමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ, පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බවයි.

මෙමඟින් සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති.

නව ක්‍රමවේදයන් යටතේ සාමාන්‍ය පෙළ විභාගයත් වෙනස් වෙයි.

නව ක්‍රමවේදයන් යටතේ සාමාන්‍ය පෙළ විභාගයත් වෙනස් වෙයි.


මේ අතර පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යේෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර ඇති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරීත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇත.