නව ක්‍රමවේදයන් යටතේ සාමාන්‍ය පෙළ විභාගයත් වෙනස් වෙයි.
ලංකාවේ දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
ඒ, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින්.
මේ අනුව සාමාන්‍ය පෙළවිෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබෙනවා.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනුව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් කිසිදු දරුවෙකු අසමත් නොවන බවත් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසාදීමට යෝජනා කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යයනය ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇති බව සඳහන්.
එමෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ අතර ප්‍රයෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලැබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවදඔවුන් අවධාරණය කරනවා.
-
NPP 0
Jathika Jana Balawegaya
0% -
SJB 0
Samagi Jana Balawegaya
0% -
NDF 0
New Democratic Front
0% -
ITAK 0
Ilankai Tamil Arasu Kadchi
0%