ගොවීන්ට සුබ ආරංචියක්

Ministry of Agriculture Sinhala news
By Hashini May 04, 2025 01:03 AM GMT
Hashini

Hashini

Report

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ඇති බවත් ඒවා පෙර පැවතී මිල ගණන් යටතේම ගොවීන්ට ලබා දීමට පොහොර සමාගම් එකඟ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කරන්නේ පොහොර සහනාධාරය ද ලැබී නොමැති පසුබිමක වෙළඳපොලෙන් මිලදී ගැනීමට ඇති පොහොරවල මිල ද ඉහල ගොස් ඇති බවයි.

ඔවුන් පවසන්නේ මේ වන විට යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,500ක් දක්වා වැඩි වී ඇති අතර මඩ පොහොර මිලද මේ වන විට රුපියල් 12,000 දක්වා වැඩි වී ඇති බවයි.

මේ අතර පොළොන්නරුවේ සහ සේනානායක සමුද්‍රයේ දකුණු ඉවුර යටතේ මෙවර යල කන්නය සඳහා වගා කල ගොවින් චෝදනා කරන්නේ මේ වන තෙක් පොහොර සහනාධාරය නොලැබුණු බවයි.

නමුත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ඇති බවත්, ඒවා පෙර පැවතී මිල යටතේම ගොවීන්ට ලබා දීමට පොහොර සමාගම් එකඟ වී ඇති බවත්ය.

පුරප්පාඩු 3000ක් ගැන කල දැනුම් දීම

පුරප්පාඩු 3000ක් ගැන කල දැනුම් දීම

  

ReeCha