පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්....
ලංකා ලුණු සමාගම පවසන්නේ ඉදිරි සති දෙක තුළ ආනයනය කළ ලුණු තොගයක් දිවයිනට ළගා වීමට නියමිත බවයි.
එහි සභාපති ඩී. නන්දනතිලක පැවසුවේ පසුගිය මාර්තු මාසයෙන් පසු හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලුණු අස්වැන්න ලබාගැනීමට කාලගුණයෙන් බාධා එල්ල වීම හමුවේ මෙලෙස ලුණු හිඟයක් මතු වූ බවයි.
ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් දස දහසක් සහ ජාතික ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් විසිදහසක් වශයෙන් ලුණු තොග ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.