කාලගුණයේ වෙනසක්..පළාත් කිහිපයකට වැසි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

ලබන 19 වනදා සිට විශේෂ සතියක්...

ලබන 19 වනදා සිට විශේෂ සතියක්...

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 

අද මේ ලග්න වල අයට අධ්‍යාපනයෙන් ඉහලටම යාහැකිය....ඉවසිලිවන්තව කටයුතු කරන්න

අද මේ ලග්න වල අයට අධ්‍යාපනයෙන් ඉහලටම යාහැකිය....ඉවසිලිවන්තව කටයුතු කරන්න