බස් මඟීන්ට සතුටුදායක ආරංචියක්..ඔබත් කරල බලන්න..

Lanka Business Online Sri Lanka Politician Srilanka Bus
By Aruna Dec 26, 2023 06:42 AM GMT
Aruna

Aruna

Report

අන්තර්ජාලය මගින් කලින් ආසන වෙන්කර ගැනීමේ සේවාව අතිසාර්ථක ලෙස සිදුවන බවත් මාසයකට හැත්තෑ හත් දහසක පිරිසක් එම සේවය ලබාගන්නා බවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසනවා.

සභාපතිවරයා කියා සිටියේ, මෙම සේවාවෙන් වසරක කාලයක් තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් ලැබී තිබෙන බවයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ හාරදහස් නවසියයක් මේ වන විට ධාවනයේ යෙදෙන බවත් ලබන මාර්තු මාසයේදී බස් රථ පන්දහස් තුන්සියයක් දිවයින පුරා ධාවනය කරවන බවත්, අලුතින් බඳවා ගත් රිය කොන්දොස්තරවරුන් අටසියයක් බඳවාගෙන තිබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ලංගම බස් රථවල ආසන වෙන්කිරීම් ඩිපෝ හා බස් නැවතුම්පළවළ පිහිටි ලංගම කාර්යාල වලින් සිදුවූ අතර අන්තර්ජාලය හරහා ආසන වෙන්කරගැනීමේ පහසුකම් 2023 වසරේ මුල් කාලයේදී ලබාදී තිබුණා.

මේ අනුව, ලංගම සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, බොහෝ පිරිසක් ආසන වෙන්කරගැනීම් අන්තර්ජාලය මගින් සිදුකරන බවත් මේ අනුව ලබන වසරේදී සුඛෝපභෝගී බස් රථ ද සැලකිය යුතු සංඛ්‍යාවක් ද ධාවනයට එක්කර ලංගම සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා බවයි.

ReeCha