ප්‍රශ්න කෝටියක් අස්සේ ඇහෙන සුබ ආරංචියක්

By Zara Apr 10, 2025 12:30 PM GMT
Report

අස්වැසුම මුදල බැංකු ගිණුම් වලට වැටෙන දවස ගැන දැනුම් දෙයි.

ප්‍රශ්න කෝටියක් මැද්දේ ඇහෙන සුබ ආරංචියක් මෙන්න අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසු කම් ලැබූ පවුල් 1,737,141 (දාහත් ලක්ෂ තිස් හත්දහස් එකසිය හතලිස් එකක්) සඳහා රුපියල් බිලියන 12.63 ක්ද සුදුසුකම් ලැබූ අස්වැසුම් ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944 කට රූපියල් බිලියන 2.9 ක්ද අප්‍රේල් මස 11 වන දින බැංකුගත කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.

හිටපු ඇමති ප්‍රසන්නට වරෙන්තු - මර්වින් ඇතුළු 4ක් යළි රිමාන්ඩ්

හිටපු ඇමති ප්‍රසන්නට වරෙන්තු - මර්වින් ඇතුළු 4ක් යළි රිමාන්ඩ්

ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා අප්‍රේල් මස 11 වන දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම 2025 අප්‍රේල් මස සිට අයවැය මඟින් රජය විසින් මෙතෙක් වැඩිහිටියන් සඳහා ලබාදෙන ලද රු. 3000 ක වැඩිහිටි දීමනාව රු. 5000 ක් දක්වා වැඩි කරන ලද අතර ඒ දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා 2025 අප්‍රේල් මස සිටම ගෙවීමට කටයුතු කර ඇති බව ද සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

ට්‍රම්ප්ගේ අලුත්ම තීරණය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුණු විදිහ

ට්‍රම්ප්ගේ අලුත්ම තීරණය කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුණු විදිහ