කතරගම මහා දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය හෙට...
By Parami Dissanayake
හෙට (21) දිනයේ දී ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීමට නියමිත අතර, ඇසළ මහා පෙරහරේ අවසන් දිනයේ උදෑසන එනම්, හෙට පෙරවරු 9.00ට ස්වර්ණ ප්‍රවේශය විවෘත කරන බව සංවිධායකයින් සදහන් කළේ ය.
ඓතිහාසික වටිනාකමක් ඇති කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස පටන් මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදු කරන්නකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා රණවිරුවන්ගේ ශ්‍රමදාකත්වයෙන් මෙය ඉදිකිරීම එම චාරිත්‍ර වාරිත්‍ර සුරැකීමේ අරමුණින් ස්වර්ණද්වාරයක් (golden gate) මෙලෙස ජනතාව වෙනුවෙන් විවෘත කිරීම විශේෂත්වයකි.