රටටම සුභ පණිවිඩයක් - ගණන් උස්සපු රත්තරන් බලන් ඉද්දි මිල පහළට - මෙන්න අලුත්ම මිල ගණන්
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් සමඟ නිතර උඩ පහළ යන මෙරට අද(19) රන් මිල, පහතින් දක්වා ඇත.
කෙසේ වෙතත් උච්චාවචනය වන රන් මිල ගණන් හමුවේ අද ශ්රී ලංකාවේ රන් මිලෙහි යම් අඩුවීමක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1 ක මිල රු.48,430ක් වේ. ඒ අනුව පවුමක මිල රු.387,440ක් වේ. එසේම අද දවසේ කැරට් 22ක ග්රෑම් 1 ක මිල රුපියල් 44,460ක් වේ.
එමෙන්ම කැරට් 21 ග්රෑම් 1ක මිල රුපියල් 42,380ක් වේ.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර නැවත වෙළඳපොළ මිල ගණන් පරික්ෂා කර බැලීම සුදුසු වේ.