අමෙරිකාවේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වසා දමයි
අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පුස්තකාලය වසර 66 කට පසුව අද (ජනවාරි 02) වසා දමන බව නිල වශයෙන් දැනුම්දී ඇත.
මෙම තීරණය, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ අරමුදල් කප්පාදු කිරීමෙන් සහ එම සීමාකරණයන් ඇති වීමෙන් පසු ගෙන ඇති බව වාර්තා වේ.
ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මෙම පුස්තකාලය, නාසා ආයතනය සතු විශාලතම පර්යේෂණ පුස්තකාලයක් වන අතර, හබල් දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඇතුළු නාසා මෙහෙයුම් පවත්වාගෙන යාමට ද මෙය සෘජු දායකත්වයක් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තවද, 2026 මාර්තු මාසය වන විට, ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ තවත් ගොඩනැගිලි 13 ක් සහ විද්‍යාගාර 100 කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට නියමිත බවද සඳහන් වේ.
[IWADMPB