වීසා ඉවරයිනන් ගෙදර යන්න
By Lakshika
තම වීසා කාලය ඉක්මවා ගොස් තිබියදී මෙරට රැදී සිටි බංගලාදේශ ජාතික 34 දෙනෙකු ඊයේ පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් වයස අවුරුදු 19 -54 වන අතර බංගලාදේශ පුද්ගලින් බැවි සදහන් වෙන්නේ .
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරක් මත පදනම්ව මේ පිලිබද විමර්ශනය කරන ලදී.
එම විමර්ශන වලින් පසුව අත්අඩංගුවට ගත් පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැදවුම් මද්‍යස්ථාන වල රදවා සිටින අතර ඔවුන්ව හැකි ඉක්මනින් බංගලාදේශය බලා පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපර්තමෙන්තුව විසින් කටුතු කරන් බව වාර්තා වේ .