බිලිඳු මරණයට හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධයක් නෑ - GMOA

Report

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ ඛේදවාචකය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්‍රියාමාර්ග අතර කිසිදු සබඳතාවක් නොමැති බව එම සංගමය අවධාරණය කරයි.

අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ප්‍රකාශ කළේ ප්‍රසූතිකාගාර සේවාවන් හදිසි ප්‍රතිකාර ගණයට අයත් වන බැවින්, වෛද්‍යවරුන් කිසිදු විටක එවැනි සේවාවන්වලින් බැහැර නොවන බවයි.

ඉන්දියාව ලොකු පිම්මක් පනියි - තවත් 'අග්නි' මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව ලොකු පිම්මක් පනියි - තවත් 'අග්නි' මිසයිලයක් අත්හදා බලයි

පසුගිය අප්‍රේල් 09 වනදා සිදු වූ මෙම සිදුවීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ මූලික විමර්ශනයකින් අනතුරුව, රාජකාරි වේලාව තුළ පෞද්ගලික සේවයේ නිරත වීම සහ රාජකාරිය පැහැර හැරීම යන චෝදනා මත වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

ජනතාවට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ - වහාම දැනුවත් වෙන්න

කෙසේ වෙතත්, වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පෙන්වා දෙන්නේ අදාළ වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ සිය නිල සේවා කාලයෙන් පසුව බවයි.

සිතාමතාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත මඩ ගැසීමේ අරමුණින් ඇතැම් පාර්ශ්ව මෙම චෝදනා එල්ල කරන බවට වෛද්‍යවරයා මෙහිදී චෝදනා කළේය.

වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් කිරීම පිළිබඳව මාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණද, ඒ පිළිබඳව බලධාරීන් විසින් මෙතෙක් සංගමය වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වා සැබෑ කරුණු අනාවරණය කරගත යුතු බව සංගමයේ ස්ථාවරය වී තිබේ.