හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ දැඩි අසනීපයෙන් - ජනාධිපතිවරයාට යැවූ හදිසි ලිපිය මෙන්න
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ.
දීර්ඝ කාලීන පරිපාලනමය රැඳවුම් භාරයේ පසුවන සලේ මහතාට හදිසි මානුෂීය මැදිහත්වීමක් සහ උසස් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බව එම සංසදය ලිපියක් මගින් ඉල්ලා සිටී.
එමෙන්ම, විධිමත් චෝදනා පත්‍රයක් නොමැතිව රඳවා තබා ගැනීම වෙනුවට විනිවිදභාවයෙන් යුත් අධිකරණ ක්‍රියාවලියක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුන් අවධාරණය කර ඇත.
දශක ගණනාවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් සේවය කළ නිලධාරියෙකු ලෙස ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම රජයේ වගකීමක් බවද එම සංසදය පෙන්වා දෙයි.
අවසාන වශයෙන්, ඔහුට සිදුවිය හැකි ඕනෑම අහිතකර තත්ත්වයක වගකීම අදාළ බලධාරීන් විසින් දැරිය යුතු බවටද එමගින් අවධාරණය කර ඇත.