රනිල්ගේ නිවසේදී සජිත් සමඟ රහස් සාකච්ඡාවක් - දේශපාලන කරළිය උඩුයටිකුරු කරන්න යන සුපිරි එකඟතාව මෙන්න
හිටපු ජනපති රනිල් වික්රමසිංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඉතා සුහද හමුවක් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.
කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පසුගිය බදාදා (17) දිනයේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.
මෙහිදී දෙපාර්ශ්වය ඉතා සුහදව සුවදුක් විමසාගෙන, ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ධනාත්මක සහ සාධනීය සාකච්ඡාවක් පැවැත්වූ බව ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් නායකයින් දෙදෙනා මින් ඉදිරියට සෘජුවම එකිනෙකා සමඟ සාකච්ඡා කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තා වේ.