ලෝක තෙල් මිල යළි ඉහළට යද්දි ලොවම සලිත වෙයි - ගෝලීය ඉන්ධන හිඟය තවත් උග්ර විය හැකි බවට රතු එළි
චීනය ඉන්ධන අපනයනය නතර කිරීමෙන් අනතුරුව අද(02) දින තෙල් මිල තරමක් ඉහළ ගොස් ඇත.
ඒ අනුව විදේශ මාධ්ය වාර්තා කර ඇත්තේ යුරෝපයට හදිසි ඩීසල් අඩු කිරීමට උත්සාහ කරන බැවින් එක්සත් ජනපදය මැද පෙරදිගට තවත් හමුදා සහ ගුවන් යානා යවන බවයි.
එබැවින් ග්රිනිච් වේලාවෙන් 0022 වන විට බ්රෙන්ට් බැරලයක මිල ඩොලර් 102.60 ක් විය.
එසේම බටහිර ටෙක්සාස් අතරමැදි මිල ඩොලර් 93.14 ක් විය.
WSJ වාර්තාව සහ චීන අපනයන පුවත්වලින් අනතුරුව, බ්රෙන්ට් ඩොලර් 4 කට වඩා ඉහළ ගිය අතර WTI ඩොලර් 2 කට වඩා ඉහළ ගොස් ඇත.
මේ අතර ගෝලීය ඉන්ධන හිඟය තවත් උග්ර විය හැකි බවට බියක් පවතින බව සඳහන්.