හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් අද රටම කතා කළ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්, "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය" නමැති පනත් කෙටුම්පත හෝ එහි යම් ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න තීරණය කරන මෙන් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
ඒ අනුව අද (18) දින ගොනු කර ඇති මෙම පෙත්සම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අයැද සිටියි.
එහි වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇති අතර, පෙත්සම්කාර මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් නීතිඥවරුන් වන නලින් මාරියෝ අල්විස්, දිනූෂා ෂමිලා ප්‍රේමතිලක සහ ඉසුරු සමීර ජයසූරිය යන අය පෙනී සිටින බව සඳහන්.