පෙම්වතාගේ තියුණු ආයුධ පහරින් පෙම්වතිය මරුට

By Shehan Mar 19, 2025 06:42 AM GMT
Report

වෙන්නප්පුව පොලිස් වසමට අයත් දකුණු වයික්කාල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඊයේ (18) ඝාතනය කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

බටලන්ද ගැන රනිල්ට වඩා දන්නේ ලාල් කාන්තලු! (VIDEO)

බටලන්ද ගැන රනිල්ට වඩා දන්නේ ලාල් කාන්තලු! (VIDEO)

මියගිය කාන්තාව වයස අවුරුදු 20ක දකුණු වයික්කාල ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් උත්සන්න වීම නිසා මෙම ඝාතනය සිදු වූ බව මේ වන විට කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වෙන්නප්පුව පොලිසිය විසින් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යනු ලැබේ.