බටලන්ද ගැන රනිල්ට වඩා දන්නේ ලාල් කාන්තලු! (VIDEO)

Mrs Thalatha Atukorale Ranil Wickremesinghe UNP K.D. Lalkantha Batalanda commission Report
By Shehan Mar 19, 2025 05:52 AM GMT
Shehan

Shehan

Report

බටලන්ද කොමිසම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කෙරෙන්නේ නම්, පළමු කටඋත්තරය ලබා ගත යුත්තේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගෙන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ ඊයේ දින (18) ප්‍රකාශ කළාය.

පසුගිය මැතිවරණයට පෙර ලාල් කාන්ත විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකට අනුව, ජවිපෙට එරෙහිව සාක්ෂි ලබා දුන් ස්වාමීන් වහන්සේලා, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිස් 1987/89 භීෂණ සමයේදී ජවිපෙට විරුද්ධ ස්ථාවරයක සිට ඝාතනය කළ බව ඔහු පවසා ඇතැයි මහලේකම්වරිය සඳහන් කළාය.

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි

එම ඇමතිවරයාගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වූ බවත්, එම වීඩියෝව තමන් සතුව ඇති බවත්, බොහෝ දෙනෙක් එය නරඹා ඇති බවත් අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇමතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම බරපතළ තත්වයක් බවත්, ඒ අනුව 1987/89 භීෂණ සමය පිළිබඳ විමර්ශනවලදී ලාල් කාන්ත පළමු සාක්ෂිකරු ලෙස කැඳවිය යුතු බවත් ඇය අවධාරණය කළාය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තලතා අතුකෝරළ මේ බව ප්‍රකාශ කළාය.

එම භීෂණ සමයේදී එක්සත් ජාතික පක්ෂයට බලවත් හානියක් සිදු වූ බව පවසමින් මහලේකම්වරිය කීවේ, එම කාලයේ ඝාතනයට ලක් වූ සියලු දෙනා පිළිබඳ විමර්ශනයක් අවශ්‍ය බවයි.

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයි ද?

රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයි ද?

එසේම, භීෂණ සමයේ මියගිය එජාප පාක්ෂිකයන් 2000කට ආසන්න පිරිසට යුක්තිය ඉටු විය යුතු බවත් ඇය තවදුරටත් සඳහන් කළාය.

එජාප නායකයා ඇතුළු පක්ෂයේ සියලු දෙනා ඕනෑම විමර්ශනයකට මුහුණ දීමටත්, වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් ඕනෑම දඩුවමක් භාර ගැනීමටත් සූදානම් බව මහලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


ReeCha