සමු ගන්න කළින් මාලනිය දීලා ගිය තෑග්ග...ඒක මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවුරුවත් හිතන්න නැතුව ඇති [PHOTO]

Mrs Malani Fonseka SL Actress Gossips Actress Gossip Lanka Sinhala news
By Kaushi Jun 14, 2025 04:05 AM GMT
Kaushi

Kaushi

Report

නිළි රැජිණිය අපි අතරින් සමුගත්ත බව ඇත්ත.

කොයිතරම් ශෝකජනක පුවතක් වුණත් ඒ ඇත්තට අපි මුහුණ දීලා ඉවරයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

හැබැයි ඇයට ආදරේ කළ අය වෙනුවෙන් ඇය තවත් තිළිණයක් තියලා ගිහින් තියෙනවා.

ඒ තමයි ඇගේ දක්ෂතාවය රැගත් තුන්වන පරම්පරාවේ මුල්ම පුරුක. ඇය මාලිනියගේ සහෝදරයාගේ පුතාගේ දුව වන කුෂේන්‍යා ෆොන්සේකා.

ඇගේ රංගනය අපි මීට පෙරත් දැකලා තියෙනවා.

හැබැයි මේ දවස්වල ඇය ගැන සමාජ මාධ්‍ය පුරාවට ටිකක් වැඩිපුර ඇහැ ගැටෙනවා.

ඒ සනුක වික්‍රමසිංහගේ අලුත්ම ගීතය හරහා.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..

ටිකක් සමනලී ෆොන්සේකාගේ මිනි වර්ෂන් එකක් වගේ කියලත් ඇයට මේ වන කොට සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා.

මේ ඇය ගැන සමාජ මාධ්‍ය තබා තිබූ එවැනි සටහනක්.

සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්...අද ඉඳලා ශ්‍රීපාදයට යන්න බෑ..

සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්...අද ඉඳලා ශ්‍රීපාදයට යන්න බෑ..

''සනුක වික්‍රමසිංහගේ ඊයේ රිලීස් කරපු අලුත්ම සිංදුව "ඉතින් මම ඉන්නවා" හී විෂුවල් එකේ ඔයාලට හුරුපුරුදුයි වගේ මූනක් පේන්න ඇති.. දැක්ක ගමන් සමනලී ෆොන්සේකාගේ මිනි වර්ෂන් එක වගේ කියලා හිතුනොත් ඒක වරදකුත් නෑ. නැන්දගේ කපාපු පළුව වගේ මේ ඉන්නේ සමනලීගේ අයියගේ දුව කුෂේන්‍යා ෆොන්සේකා. මාලිනී ෆොන්සේකාගේ සහෝදරයාගේ පුතාගේ දුව වන කුෂේන්‍යා අපට මුලින්ම ළමා නිළියක් ලෙස දකින්න ලැබෙන්නේ "දැකලා පුරුදු කෙනෙක්" ෆිල්ම් එකේ සමාධි සහ බිමල්ගේ දුව විදිහට. පස්සේ "රූකඩ පැංචී" ෆිල්ම් එකේ ප්‍රධාන ළමා නිළිය විදිහට කුෂේන්‍යා අපට දකින්නට ලැබුනා. ඉන් පසුවයි මේ අයුරින් යොවුන් පෙම්වතියකගේ චරිතයෙන් කුෂේන්‍යා අපට දකින්න ලැබෙන්නේ.. මේ වීඩියෝ එක දැක්කාම පොඩ්ඩක් සමනලී වයිබ් එකෙන් කුෂේන්‍යා අපට දකින්නට ලැබුනත් ඇගේ භාවාත්‍මක රංග කුසලතාවයේ අනාගතය මේ කෙටි වීඩියෝ එකෙන්ම අපට පෙන්නුම් කරන බවනම් හිතුනා. ඒ වගේම මාලිනි රඟපෑ අවසන් සිනමා රංගනය වන කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ අධ්‍යක්ෂනය කළ "මලකි දුවේ නුඹ" චිත්‍රපටියේත් මාලිනී සහ සමනලී සමගින් කුෂේන්‍යා ඔබට නුදුරේදීම දැකබලාගත හැකියි. එහෙනම් ෆොන්සේකා පවුලේ තුන්වන පරම්පරාවේ මුල් පුරකත් ඕං දැන් කළඑළි බැහැලා...''

කොහොම වුණත් ඇගේ දක්ෂතා තුළින් හරි මාලනියව නැවත දැක ගන්න පුළුවන් නම් නිළි රැජිණියට ආදරේ කළ රසිකයන් ඇයවත් සතුටින් වැළඳ ගනීවි.

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

GalleryGallery
ReeCha