ආසියානු ක්‍රිකට් ශූරියන්ට හමුදාවෙන් ලැබුණු තෑග්ග..(PHOTO)

By Sewvandhi Aug 05, 2024 04:21 PM GMT
Report

අද (05) දින යුද හමුදා මුලස්ථානයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් ,ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවන් වෙත දිරිදීමනාවක් ලබාදී තිබේ.

එලෙස දිරිදීමනාව ලබාදී තිබුණේ සැරයන් ඩි.එම්.එස්.එම්.කේ දසනායක, සැරයන් ඩබ්.ජී.එස්.කේ කුලසුරිය, සැරයන් එන්.එන්.ඩී සිල්වා සහ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ සංජීවනි යන ක්‍රීඩිකාවන් වෙතය.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ක්‍රිඩිකාවන්ට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සුබ පැතුම් එක්කළ අතර, එම තරගාවලියේදි ඔවුන් දැක්වූ විශිෂ්ට දස්කම් සහ කැපවීම ඇගයීමට ලක් කළේය.

Gallery