"සතුරන් කාර්ග් දූපත අත්පත් කර ගැනීමට සූදානම් වන" බව ඉරාන කථානායක අනතුරු අඟවයි

Report

ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් ඊයේ  අනතුරු ඇඟවී ඇත්තේ, නම් නොකළ කලාපීය රටක සහාය ඇතිව ඉරාන දූපතක් ආක්‍රමණය කිරීමට සතුරන් සූදානම් වෙමින් සිටින බවය.

X සටහනක ලියමින් ඔහු පවසා ඇත්තේ, “සමහර බුද්ධි වාර්තාවලට අනුව ඉරානයේ සතුරන් කලාපීය රාජ්‍යයක සහාය ඇතිව ඉරාන දූපතක් අත්පත් කර ගැනීමට සූදානම් වෙමින් සිටිති” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවී ඇත්තේ, “අපගේ හමුදා සියලු සතුරු චලනයන් නිරීක්ෂණය කරමින් සිටින අතර, ඔවුන් යම් පියවරක් ගන්නේ නම්, එම කලාපීය රාජ්‍යයේ සියලුම වැදගත් යටිතල පහසුකම් නිර්දය, අඛණ්ඩ ප්‍රහාරවලින් ඉලක්ක කරනු ඇත” යනුවෙනි.

මෙම අනතුරු ඇඟවීම එලිදැක්වී ඇත්තේ, ට්‍රම්ප් පාලනාධිකාරය දහස් ගණනක් ගුවන් හමුදා භටයින් සහ අමතර නාවික භටයින් ගල්ෆ් කලාපය වෙත යොමු කරමින් සිටින සන්දර්භයකය.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම්

එක් විය හැකි ඉලක්කයක් ලෙස ඉරානයේ බොරතෙල් අපනයනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන කාර්ග් දූපත සඳහන් කෙරේ. ඉරාන හමුදා නිලධාරියෙකුද පවසා ඇත්තේ, ගොඩබිම් ආක්‍රමණයකදී ඉරානය රතු මුහුදේ නැව්ගත කිරීම් ඉලක්ක කරන බවත්, එය ගැටුම නාටකාකාර ලෙස පුළුල් කරන බවත්ය. ඔවුන් යේමනයේ හූති කැරලිකාර කණ්ඩායමට ආයුධ සහාය දෙමින් බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හරහා යන නැව් ඉලක්ක කර ඇති බවත් සඳහන් වේ.

ඉරාන නිලධාරියාගේ ප්‍රකාශයට අනුව, “සතුරා ඉරාන දූපත්වල හෝ අපගේ භූමියේ වෙනත් ඕනෑම තැනක ගොඩබිම් මෙහෙයුමක් කිරීමට උත්සාහ කළහොත්, අපි ‘පුදුමයක්’ ලෙස වෙනත් පෙරමුණු විවෘත කරන්නෙමු.” ගැටුම හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම මන්දගාමී වී ඇති අතර, එමඟින් ගෝලීය තෙල් සැපයුමෙන් දළ වශයෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් අඩාල වී ඇත.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය මෙය “ගෝලීය තෙල් වෙළඳපොළ ඉතිහාසයේ විශාලතම සැපයුම් බාධාව” ලෙස හැඳින්වූ අතර, බොරතෙල් මිල බැරලයකට ඩොලර් 100 දක්වා ඉහළ ගොස් තිබේ.

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට