ඡන්දෙට සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ද?. එතකොට වැටුප්.. කප්පාදු වෙයි ද?.
Election Commission of Sri Lanka
Election
Latest Headlines
General Election 2024
Sri Lanka General Election 2024
By krishani
මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ලබාදෙන ලෙසයි.
එහිදී සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව එම නිවාඩු ලබාදිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)
කෙසේ වෙතත්, ඇතැම් බැංකු සහ මූල්‍ය ආයතනවල සේවකයින්හට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදුනොවන බවට පැමිණිලි ලැබී ඇති බව ද එම කොමිසම පවසයි.