රනිල් පැත්තෙ හිටිය ගීතා සජිත් පිලට මාරු වෙන්න හේතුව ප්‍රසිද්ධියේම කියලා.. නොහිතපු ඒ කාරණය මෙන්න..

Report

හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසා ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

හිතුවේ නෑ නේද මෙහෙම වෙයි කියලා.. අද රන් මිල දැනෙන්නම වෙනස් වෙයි..

හිතුවේ නෑ නේද මෙහෙම වෙයි කියලා.. අද රන් මිල දැනෙන්නම වෙනස් වෙයි..


ඇය මේ බව සඳහන් කළේ මෙවර ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය පළ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය.

ඒ අද (11) කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙවැන්නකී,

"ආණ්ඩුවෙන් මම කිසි දෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ බයත් නෑ. මම ස්වාධින තීන්දු තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. මේ රටේ ස්වහසක් කලාකාරයින්ගේ හිත දිනාගත්ත කෙනෙක් මම.

අපේ ජනාධිපතිතුමා එතුමාව ජනාධිපති කරන්න මමත් ඡන්දෙ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙත් එතුමා ඔය අද ඉන්න පුටුවට එන්න හම්බවුණා.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.


එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කියකටද. තව දවස් 8යි තියෙන්නේ ජනාධිපතිවරණයට ඔය වගේ සිඟිති ආලත් දෙන්න හොඳ නෑ ජනාධිපති කෙනෙක් විදියට.

ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා. මම කිව්වා ඔව්. දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා. ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසාගන්න මට ඕනේ නෑනේ. ඔව් මම දිනනවා කියලා දන්වා. ඒ විශ්වාසය මට තියෙනවා.."

හිරුණිකාට එකවරම කළ දැනුම්දීම.. එදාට අනිවාර්යයෙන්ම ඉන්න ඕන..

හිරුණිකාට එකවරම කළ දැනුම්දීම.. එදාට අනිවාර්යයෙන්ම ඉන්න ඕන..


කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කරමින් පසුගිය 09 වනදා මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජනරැලිය සඳහා එක්ව සිය සහයෝගය පළ කළා ය.