කීමෝ ප්‍රතිකාරයත් නවතින ලකුණු - රෝහල් පද්ධතිය ඇතුළෙන් මතු වූ අලුත්ම අර්බුදය මෙන්න

Report

පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන Granulocyte Colony Stimulating Factor (GCSF) එන්නත්වල උග්‍ර හිඟයක් රජයේ රෝහල්වල මතුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කීමෝතෙරපි ප්‍රතිකාර ලබාගන්නා ඇතැම් රෝගීන්ගේ සුදු රුධිරාණු මට්ටම සැලකිය යුතු ලෙස පහළ යාම හේතුවෙන්, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා GCSF එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය වේ. එහෙත් වර්තමානයේ පවතින හිඟය හේතුවෙන් නියමිත පරිදි ප්‍රතිකාර සැපයීම දුෂ්කර වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් රැසකට මෙම එන්නත් බාහිර ෆාමසිවලින් මිලදී ගැනීමට සිදුව ඇති අතර, රෝගියෙකුට දිනකට දෙවරක් බැගින් දින පහක් හෝ ඊට වැඩි කාලයක් එන්නත් ලබාගැනීමට අවශ්‍ය වන බව වාර්තා වේ.

ජූනි 1 සිට මැලේසියාවෙන් දැඩි නීතියක් - 16න් පහළ හැමෝටම සමාජ මාධ්‍ය තහනම්

ජූනි 1 සිට මැලේසියාවෙන් දැඩි නීතියක් - 16න් පහළ හැමෝටම සමාජ මාධ්‍ය තහනම්

වෙළෙඳපොළේ එක් GCSF එන්නතක මිල රුපියල් 3,000කට ආසන්න වන අතර, දින කිහිපයක් අඛණ්ඩව එන්නත් ලබාගත යුතු රෝගීන්ට ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවීමෙන් දැඩි මූල්‍ය බරක් එල්ල වී තිබේ.

රජය මගින් රෝහල් වෙත සපයන එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බාහිරව එන්නත් මිලදී ගන්නා ලෙස උපදෙස් දීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති බව ද වාර්තා වේ.

මෙම අත්‍යවශ්‍ය ඖෂධ හිඟය කඩිනමින් විසඳා නොගතහොත්, පිළිකා රෝගීන්ගේ කීමෝතෙරපි ප්‍රතිකාර ක්‍රියාවලියට බරපතල බලපෑම් එල්ල විය හැකි බවත්, එය රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට සෘජු අවදානමක් බවත් රෝහල් ආරංචි මාර්ග අවධාරණය කරයි. 

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්