ගෑස් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් පුපුරා යයි - 4ක් මරුට

By Mithu Feb 21, 2026 09:22 AM GMT
Report

චිලී රාජ්‍යයේ සැන්ටියාගෝ අගනුවර අධිවේගී මාර්ගයක ගෑස් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් අනතුරට ලක්ව තිබේ.

මෙම අනතුරින් ට්‍රක් රථය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ට්‍රක් රථය අධිවේගී මාර්ගයේ පෙරලීයාමෙන් මෙලෙස පුපුරාගොස් ඇති අතර, එහිදී තවත් පුද්ගලයන් 17දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අමාත්‍යවරයා පැහැදිලි කරයි

සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අමාත්‍යවරයා පැහැදිලි කරයි

ට්‍රක් රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් රියදුරුද මියගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව ට්‍රක් රථය පුපුරායාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළ රථවාහන 50කට පමණ හානි සිදුව ඇති බව ද වාර්තා වේ.

බසවක්කුලම වැව් පිටියේ වළදමා තිබූ ජීව උණ්ඩ තොගයක් හමුවේ

බසවක්කුලම වැව් පිටියේ වළදමා තිබූ ජීව උණ්ඩ තොගයක් හමුවේ